ගුරු භවතුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන 10-13 සිසුන්ගේගේ බෞද්ධ සමිතිය දූ දරුවන්ගේ සදාචාරය හා ගුණධර්ම වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන ඇත. මෙමගින්  ලබා දෙන උපදෙස්, ක්‍රියාත්මක කරන වැඩසටහන් මගින් ශිෂ්‍ය ජීවිතයට වටිනා බොහෝ දේ ලබා ගැනීමට අවස්ථාව හිමි වී ඇත.

S.P.L.C.සිසිර කුමාර ශිෂ්‍යා සභාපති හා P.D. සදලි බුද්ධිකා ශිෂ්‍යාව ලේකම් ලෙස බෞද්ධ සමිතිය තුළ කටයුතු කරන අතර සාලින්ද වාසල ගුරුතුමා අනුශාසකතුමා ලෙස කටයුතු කරයි. 

 

සදාචාරය හා ගුණධර්ම වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වාගෙන යන බෞද්ධ සමිතිය 6-9 සිසුන් සදහා වෙනම පැවැත්වේ.ආගමික වැඩසටහන් පැවැත්වීමද මෙම සමිතිය මගින් සිදු කෙරේ.

M.M.සහන් ප්‍රදීප් ශිෂ්‍යා මෙම සමිතියේ සභාපති ලෙසත්   A.G. කවීෂා සිතුමිණි ශිෂ්‍යාව ලේකම් ලෙසත් පත් කරගෙන ඇති අතර අනුශාසක ධුරය හොබවන්නේ පැතුම් ගුරුතුමා විසිනි.

 

   

    

 

 අප පාසලේ 6-9 ශ්‍රේණි සිසුන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති කිරීමේ අරමුණින්  සිංහල සාහිත්‍යය සමිතියක් එම ශ්‍රේණිවල සිසුන් සදහා ගුරු භවතුන්ගේ   අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. එහිදී  සිසුන්ට  ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමටද හැකියාව ලැබේ. මීට අමතරව මෙමගින් විවිධ වැඩසටහන් පවත්වන අතර සිසුන්ට ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

      මෙම සමිතියේ සභාපති තනතුර සදහා     A.H.සෙනෙත් ශිෂ්‍යා සහ ලේකම් තනතුර සදහා K.P.සමාධි කුමාරි ශිෂ්‍යාව පත් කරගෙන ඇති අතර සදරේඛා ගුරුතුමිය අනුශාසක ධුරය හොබවමින් කටයුතු කරයි.

 භාෂාවේ ප්‍රවීණත්වය ඇති කිරීම හා දක්ෂතාවන්, කුසලතාවන් ඔප් නංවා ගැනීමට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් 10-13 සිසුන් සදහා වෙනම සිංහල හා සාහිත්‍යය සමිතියක් ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබයි.

  M.P.හසිදු ප්‍රබෝද් ශිෂ්‍යා මෙම සමිතියේ සභාපති තනතුරත්, M.H.B.මල්ෂානි සෞම්‍යා ශිෂ්‍යාව ලේකම් තනතුරත් හොබවන අතර රසිකා වන්නිනායක ගුරුතුමිය අනුශාසකතුමිය වශයෙන් කටයුතු කරයි.